Battery
Battery බැටරිය වාහනයකට අත්‍යවශ්‍යම උපාංගයකි.මන්ද නවීන රථවාහන start කිරීම සඳහා starter motor ක්‍රියාකරවා ගනු ලබන්නේ බැටරියෙහි විදුලි බලයෙනි.මීට අමතරව රථයෙහි විදුලි බලය පාලනය කිරීමේ උපකරණයක් ලෙසද බැටරිය භාවිතා කරයි.පොදුවේ ගත්කළ රථවාහන වල වැඩි වශයෙන් භාවිතා වන්නේ Led acid බැටරි වර්ගයයි.මෙම Led acid බැටරි වර්ගය තෙත් බැටරි ( Wet Battery ) සහ වියළි බැටරි ( Dry Battery ) ලෙස වෙන් කෙරේ. Wet Battery Wet Battery වර්ගීකරණයේ දී එය කොටස් දෙකකට බෙදා වෙන් කර දැක්විය හැකිය. එනම් MF Battery (Maintains Free Battery) නඩත්තු රහිත බැටරිය.මෙම MF Battery වල මූඩි නැත.මෙහි මිලද අනෙක් බැටරිවලට සාපේක්ෂව ඉතා වැඩිය. අනෙක් වර්ගය නම් SMF Battery (Semi Maintains Free Battery) දීර්ග කාලීනව නඩත්තු කළ යුතු බැටරිය.මෙම SMF Battery වර්ගයෙහි ගැලවිය හැකි මූඩි දක්නට ඇත.මාස 3කට වරක්වත් Low / High Level පරීක්ෂා කළ යුතුය.මෙම බැටරි වර්ගය MF Battery වර්ගයට වඩා මිලෙන් අඩුය. Dry Battery මෙම බැටරි වර්ගය තවමත් රථ වාහන වල භාවිතා කරනු ලබයි. නමුත් මෙම බැටරි වර්ගය පැරණි වාහන වල වැඩි වශයෙන් යොදා ගන්නා අතර මෙ...