Carburettor



Carburettor


පෙට්‍රල් වාතය සමඟ මිශ්‍රකර කුඩා අංශු වලට කඩා Engine එකට ලබා දීම Carburation වේ.Engine එකේ පවතින්නා වූ අවශ්‍යතාවයන් වලට ගැලපෙන ලෙස Petrol ලබා දීම සඳහා carburettor එක නිර්මාණය කර ඇත.එනම් Engine එකේ විවිධ වේගයන්ට සහ විවිධ භාරයන්ට ගැලපෙන ආකාරයට Petrol වාතය සමග මිශ්‍රකර කුඩා අංශු වලට කඩා Engine එක තුලට ලබාදීම  carburettor එක මඟින් කරනු ලබන කාර්‍යය වේ.නමුත් මෙහිදී එක් එක් අවශ්‍යතාවයන්ට නියමිත පරිදි ගැලපෙන ලෙස Petrol ලබාදීමට carburettor එකට නොහැකි වී ඇත.එනම් සෑම විටම පූර්ණ දහනයක් වන ආකාරයට Petrol වාත මිශ්‍රනය ලබා දීමට නොහැකි වේ.මේ නිසා නවීන වාහන වල මෙම ක්‍රමය භාවිතා නොවේ.

v Venturi අනූව carburetor වර්ග දෙකකි.එනම්,


  • Fixed venturi

  • Variable venturi



Fixed venturi



මෙම ක්‍රමයේදී Venturi ය නියතව තබා Engine එකට ඇද ගන්නා වාත ප්‍රමාණය වෙනස් කරමින්,එය මඟින් හට ගන්නා වූ රික්තයද වෙනස් වීමට සලසමින් ,එය උපයයෝගී කර ගනිමින් Engine එකට ලබා දෙන්නා වූ Petrol ප්‍රමාණය වෙනස් කරනු ලබයි.නමුත් මෙහිදී Engine එකට ලැබෙන Petrol ප්‍රමාණය පාලනය කිරීමට මෙය තුල පරි පථ යොදා ගනිමින් carburettor නිර්මාණය කොට ඇත.
මෙම වර්ගයට Variable vacuum carburettor ලෙසද හැඳින් වේ.

Variable venturi



මෙම ක්‍රමයේදී නලයේ ඇති කර ඇති Venturi ය පාලනය කිරීම මඟින් නියත රික්තයක් තබා ගැනීම සිදු කරයි.එවිට ලැබෙන Petrol ප්‍රමාණයද නියත වේ.නමුත් මෙවිට අඩු වේගයෙන් ගමන් කරන විට වැඩිපුර Petrol පැමිනෙන නිසා Petrol අපතේ යයි.මේ නිසා මෙම Petrol පාලනයට Piston එක සම්බන්ධ කර ඇති Needle එක මඟින් Petrol පැමිනෙන නලය අවහිර කිරීම මඟින් Petrol ප්‍රමාණය පාලනය කරයි.මෙම ක්‍රමය Fixed vacuum carburettor ක්‍රමය ලෙසද හැදින් වේ.
මෙම ක්‍රමයේදී දැකිය හැකි ප්‍රධාන අවාසිය නම් Load එකක් යොදා ගමන් කරන අවස්ථා වලදී එයට ගැලපෙන ලෙස Petrol ලබා දීමට නොහැකි වීමයි.නමුත් මෙම ක්‍රමයේදී දැකිය හැකි ප්‍රධාන වාසිය නම් පරිසර දූෂණය අවම වීමයි.


Fixed venturi ක්‍රමය යටතේ පිහිටා ඇති Barrel ගණන අනුව Carburettor වර්ග කිරීම.


  •         Single barrel carburetor



  •          Double barrel carburetor




       
Single barrel carburetor


     Double barrel carburetor


Simple carburetor

Idling speed

මෙම අවස්ථාවේදී Engine එක තුල Piston ඉහල පහල යාමේදී ඇති වන රික්තය හේතුවෙන් Idle port එක හරහා Engine එකට Petrol ලබා දෙයි.මෙම රික්තය Throttle valve එකට පහලින් පවතී.මෙම Manifold vacuum එක උපරිම වන අතර Ported vacuum එක ශුන්‍ය වේ.මේ නිසා Manifold එකෙන් පමනක් Petrol Engine එකට ලබා දෙයි.මෙලෙස Petrol ලැබීමට නම් Petrol පිරී පවතින Float chamber එකට වායුගෝලීය පීඩනය ලබා දිය යුතුය.

Slow speed

මෙම වේගයේදී Throttle valve ය සුළු ප්‍රමාණයක් ඇරෙනු ලබයි.එවිට Slow port එක තුලින් Petrol වාත මිශ්‍රනය Engine එකට ලබා දෙයි.මෙහිදී Throttle valve එක අසල Venturi එකක් බවට පත්වන නිසා එය අසල පිහිටි Port එකෙන් පමනක් Petrol ලබා දෙයි.නමුත් throttle valve එක ඉතා සුළු ප්‍රමානයක් ඇරී පවතින විටදී Manifold vacuum එකද තරමක් පැවතීම හේතුවෙන් Idle port එක තුලින්ද Petrol වාත මිශ්‍රනය Engine එකට ලැබීමට ඉඩ ඇත.

High speed

එම වේගයේදී throttle valve එක උපරිම ඇරී පවතී.මෙහිදී Manifold එක තුල පවතින රික්තය ඉහලට විහිදී යාම නිසා එහි බලපෑමක් ඇති නොවේ.එමෙන්ම throttle valve ය මඟින්ද ඇද ගනු ලබන වාතයට බාධාවක් ඇති නොවේ.එම නිසා මෙම වේගයයේදී Engine එකට අවශ්‍ය Petrol ලබාදීමට නිශ්පාදකයා විසින් නිර්මණය කරන ලද Venturi යක් සවි කර ඇත.ඒ අසල පිහිටි Venturi port එක තුලින් Engine එකට අවශ්‍ය Petrol වාත මිශ්‍රනය ලබා දෙයි.මෙම Port එක ඇරීමට ප්‍රථම Slow port එක තුලින් පැමිනෙන Petrol නැවතීමක් සිදු නොවේ.එනම් Slow port එකෙන් හා Venturi port එකෙන් යන ස්ථාන දෙකෙන්ම Petrol ලබා දෙන මොහොතක් පවතී.

නවීන Carburetor වල ඇති පරිපථ

Ø Float circuit system
·      (Fuel bowel & Inlet system)
Ø Idling system
Ø Slow speed
·      Primary slow speed
·      Primary high speed
Ø High speed
·      Secondary slow speed
·      Secondary high speed
Ø Acceleration pump
Ø Power valve
·      (Enrichment)
Ø Starting system


Float circuit system

Float chamber එක තුල Petrol ප්‍රමාණය නියතව පවත්වා ගැනීම වැදගත් වේ.Petrol ප්‍රමානය අඩු වුවද,වැඩි වුවද එය carburetor එකෙහි ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරයි.සමහර Carburetor වල මෙම Petrol ප්‍රමානය බලා ගැනීමට වීදුරු වලින් යෙදූ කවුළුවක් නිර්මාණය කොට ඇත.මෙම පද්ධතිය Fuel pump එක සම්බන්ධ වී පවතී.

තවද මෙම පද්ධතියට Float chamber, Floater, Plunger, Spring, Needle valve එක යන ප්‍රධාන කොටස් අයත් වේ.Float chamber එක තුලට Petrol පැමිනි විට එය තුල වූ Floater එක ඉහලට එස වේ.තවද ඒ සමඟම  Needle එකද ඉහලට එසවේ.මෙලෙස ඉහලට එසවීමෙන් Needle එක මඟින් ලැබෙන Petrol ප්‍රමානය නවත්වයි.මෙම Plunger එක හා Needle එක අතරට Spring එකක් යෙදීමෙන් වාහනය ගැස්සීමකට ලක් වූ විටදී Needle එක පහලට වැටීම වලක්වන අතර Needle එක හොදින් Seat වීමක්ද සිදු වේ. Float chamber එකේ Petrol වැය වූ පසුව නැවත Floater එක පහලට යෑමෙන් Needle එක ඇරී Petrol chamber එක කරා පැමිණීම සිදු වේ.
මෙම Petrol level එක සීරු මාරු කිරීම සඳහා Float එක තුල වූ Lip එක උස් පහත්  කිරීම මඟින් සිදු කරනු ලබයි.නමුත් නවීන වාහන වලදී මෙය Plastic වලින් නිර්මාණය කර ඇති නිසා ඒවායේ Level එක වෙනස් කල නොහැක.
දෝශයක් ඇති නම් කොටස් අළුතින් යෙදිය යුතු වේ.මෙම පරිපථයේ Petrol level එක නිශ්පාදකයා විසින් තීරණය කරනු ලබයි.

Idling system


Primary barrel තුල ඇති Venturi port එක තුලින් Petrol ඇදී ඒම සඳහා ඒ අවට අඩු පීඩනයක් ඇති කල යුතු වේ.මේ සඳහා නලය තුලින් ගලායන වාතයේ ප්‍රවේගය වැඩි විය යුතුය.නැතහොත් Engine එක Idling තත්වයේ පවතින විට Throttle valve එක වැසී පවතින නිසා Primary තුලින් පැමිනෙන වාතයේ ප්‍රවේගය අඩුය.
මේ නිසා Venturi port එක අසල රික්තයක් ඇති නොවේ.මේ නිසා Venturi port එක තුලින් Petrol පැමින වාතය සමඟ මිශ්‍ර නොවේ.එනම් මේ අවස්ථාවේදී Engine එකට අවශ්‍ය Petrol ලැබෙනුයේ‍ Throttle valve යට පහලින් පිහිටි Idling port එක මඟිනි.
මෙලෙස Petrol පැමිණෙන්නේ Manifold එක තුල ඇති වන රික්තය මෙම Port එකට බලපෑම මඟිනි.එම රික්තය Idler port එක තුලින් Float chamber එක කරා ගොස් එහි වූ Petrol ඇද ගනී.ප්‍රථමයෙන්ම Primary main jet එකටද ,අනතුරුව Slow jet එකද Solenoid valve යටද Economizer jet එක හරහාද පැමින Mixture adjusting screw එක පසු කරමින් Idler port එක මඟින් Engine එකට ලැබේ.
මෙහි වූ Slow jet එක හා Economizer jet එක මඟින් Petrol වාතය සමඟ මිශ්‍ර වී (Air bleeder) කුඩා අංශු වලට කඩනු ලබයි.තවද පරිපථයේ දහනයට අවශ්‍ය වාතය යම් ප්‍රමාණයක් Slow port එක තුලින් ඇද ගනී.
මෙම පද්ධතියට අයත් වන MAS එක සීරු මාරු කිරීම මඟින් Engine එකට ලැබෙන Petrol වාත මිශ්‍රනය අඩු වැඩි කිරීමට හැකි වන අතරම එමඟින් Idling speed එකද යම් තරමක් අඩු වැඩි වේ.
මෙම Screw එක සමහර වාහන වල හොඳින් පෙනෙන අතරම තවත් සමහර වාහන වල මෙය Plastic Cower එකකින් වසා ඇත.මෙලෙස වැසීම තුලින් අනවශ්‍ය ලෙස සීරු මාරු කිරීමට මෙම පද්ධතිය ගැන නියමාකාර අවබොධයක් නොමැති අයෙකුට අවස්ථාවක් උදා නොවේ.

Slow speed

මෙම පරිපථය මඟින් Engine එක Slow speed එකේ ගමන් කරන විට Petrol ලබා දීම සිදු වේ.මේ අවස්ථාවේදී Engine එකට Petrol ලබාදීම සිදුවන්නේ Slow port එක මඟිනි.මෙහිදී Ported vaccum එක උපරිම වන අතර Manifold vaccum එකද  තරමක් පවතී.එසේ පැවතීම නිසා Idler port එක තුලින්ද Petrol යම් ප්‍රමානයක් ලැබීමට පුළුවන.


Accelerator ය තරමක් පෑගූ විට Throttle valve යද තරමක් ඇරී ඇති නිසා Slow port එකද ඇරේ.එවිට Slow port එක අසල Venturi යක් බවට පත් වන නිසා එය තුලින් Petrol engine එකට ලබා දේ.
මේ නිසා නවීන වාහන වල මේ ආකාරයට Port එක නිර්මාණය කර ඇත.මෙම පරිපථයටද Petrol ලැබෙනුයේ Primary main jet එක හරහා වේ.පසුව එය Slow port එක හරහා පැමිනීමට පෙර Slow jet එක හා Ecconomizer jet එක පසු කරයි.මෙහිදී Petrol වලට වාතය මිශ්‍ර වීමට Idling පරිපථයේදී මෙන්ම Slow jet හා Ecconomizer jet අසල පිහිටි Air bleeder උපයෝගී වේ.

High speed



එන්ජිමේ වේගය Slow speed එකට වඩා වැඩිවන විට venture tube එක තුළින් ඇදීයන වායු දහරාව හේතුවෙන් main nozzle එක අවට අඩු පීඩනයක් ඇති වේ.Mixture tube තුල ඇති petrel මෙන්ම jet එක තුළින් වාතයද පැමිණ මිශ්‍ර වී mixture නලයේ සිදුරු තුළින් Main nozzle වෙත ගලාගොස් venture නලය තුළින්  ගලායන වායු දහරාවට එකතු වේ.Main nozzle යෙන් පිට වීමට පෙරම petrel වාතය හා මිශ්‍ර වන බැවින් petrel කුඩා අංශුවලට කැඩීම හොින් සිදුවේ.


Acceleration pump


මෙමගින් සිදුවනුයේ throttle valve ය වරක් විවෘත කරන විට venture tube එක තුළින් ගලායන වැඩි වායු දහරට සරිලන අමතර petrel ප්‍රමාණයක් සැපයීමය.මෙය ක්‍රියාකර වීමට throttle valve ය ක්‍රියාකරන පද්ධතියටම rod එකක් මගින් සම්බන්ධ කර ඇත.සාමාන්‍යෙයන් මේ සඳහා plunger type pump එකක් හෝ Diaphragm type pump එකක් භාවිතා කරනු ලබයි. Plunger type එකේදී සිදුවන්නේ throttle valve ය එකවර විවෘත කරන විට piston ය පහලට පැමිණ pump chamber යේ ඇති petrel pressure කරයි.මෙවිට inlet ball valve ය වැසීයන අතර outlet valve ය විවෘත වී petrel ගලා ගොස් nozzle ය තුළින් venture tube එකට petrel විදිනු ලබයි.මෙය සිදුවන්නේ throttle valve ය එකවර විවෘත කළ විට පමණි. throttle valverelease  කළ විට නැවත pump chamber යට petrel පිරීම සිදු වේ.
Diaphragm type එකේදී throttle valve ය එකවර විවෘත කළ විට spring tension එක මගහැර  Diaphragm එක පහලට ගමන්කර chamber යට පිරී ඇති petrel pressure කර inlet line එක valve එකක් මගින් වසා outlet line එක විවෘත කරයි.එවිට petrel ගලා ගොස් nozzle යෙන් venture tube එක තුලට විදීම සිදු වේ. throttle valverelease  කළ විට spring tension එක මගින් Diaphragm එක තල්ලු කරයි.එවිට float chamber යේ සිට Diaphragm chamber යට petrel ගලා ඒම සිදු වේ.මෙහි Diaphragm එක ක්‍රියා කරන්නේ throttle valve යට සම්බන්ධ cam එකක් මගිනි.



Power valve


මෙමගින් සිදුවනුයේ එන්ජිම ඉහළ වේගයකින් ක්‍රියාකරන විට සරු මිශ්‍රණයක් ලබාදීමට සහය වීම හා එන්ජිමේ speed හා torque අඩුවන විට සපයනු ලබන ඉන්ධන ප්‍රමාණය අඩු කිරීමය. බොහෝ විට power system එක සඳහා යොදා ගනුයේ vacuum මගින් ක්‍රියාකරන plunger යකි. Throttle valve යට පහල venture tube එකට සම්බන්ධ air line එකක් plunger යේ ඉහළ කුටීරයට සම්බන්ධ කර ඇත. එන්ජිම idle එකෙහි ක්‍රියාකරන විට Throttle valve ය වැසී පවතින අතර අඩු පීඩනය ඉහළ යෑමක් සිදු වේ. මෙය air line එක තුළින් plunger යේ ඉහළට ක්‍රියාකර plunger ය ඉහළට ඇදගෙන සිටියි. මෙනිසා valve ය වැසී යයි.මෙනිසා float chamber යෙන් mixture tube එකට ඉන්ධන පැමිණෙන්නේ නැත.එන්ජිමේ වේගය වැඩිකල විට අඩු පීඩනය අඩු වී plunger ය පහළට ගමන් කරයි.එවිට valve ය විවෘත වී mixture tube වෙත power jet හරහා අමතර petrel ගමන් කරයි.මෙනිසා සරු මිශ්‍රණයක් සැකසේ.

Starting system



මෙමගින් සිදු වන්නේ chock plate එක මගින් tube එක වසා වාතය අවහිර කර වැඩි petrel ප්‍රමාණයක් ගලායාමට සැලැස්වීමයි.මෙය ක්‍රියා කරනුයේ chock plate එකට සම්බන්ධ cable එක ඇදීමෙන් venture tube එක plate එකෙන් වසා ගනී. එමෙන්ම plate එක හා Throttle valve ය සම්බන්ධ කර තිබෙන rod එකට සම්බන්ද cam එකක් මගින් Throttle valvefast idle තත්වයට ගෙන ඒ.එන්ජිම පණ ගැන්වූ පසු chock plate එක ඇරීම සඳහා plate එක ක්‍රියාකරවන spindle එක සවිවී ඇත්තේ off set වය.




Petrel දහනය

Petrel එන්ජිමක ඉන්ධන පද්ධතියෙන් කෙරෙන කාර්යය වනුයේ එන්ජිම ක්‍රියාකරන එක් එක් තත්වයන් යටතේ දහනයට අවශ්‍ය Petrel වාතය සමඟ මිශ්‍ර කර ලබාදීමයි.petrel engine වල භාවිතා වන ඉන්ධන පද්ධති දෙවර්ගයක් ඇත.එනම්,

Ø Carburettor type
Ø Injection type

පැරණි වාහන වල දක්නට ලැබෙන්නේ Carburettor type ඉන්ධන පද්ධතීන්ය.නමුත් නවීන වාහන වල දක්නට ලැබෙන්නේ Injection type (EFI)ඉන්ධන පද්ධතීන්ය.නමුත් EFI ඉන්ධන විදුම් පද්ධති හා බලන විට Carburettor ඉන්ධන පද්ධතිය ඉතා සරලය. අළුත්වැඩියාවද පහසුය. Carburettor සහිත ඉන්ධන පද්ධතියකට අයත් ප්‍රධාන කොටස් වන්නේ,

Ø Petrel Tank
Ø Petrel Filter
Ø Petrel Pump
Ø Carburettor
Ø Petrel Lines

Petrel tank එකෙහි ඇති petrel filter ය මගින් filter කර petrel pump එක ආධාරයෙන් petrel Carburettor වෙත ගමන් කරයි. Carburettor යේ කාර්යය වනුයේ එතුළින් ගමන් කර වීමට සලස්වා ඇති වාත දහරාව සමඟ එන්ජිම ක්‍රියාකරන තත්වයට ගැලපෙන අනුපාතයට අනූව  petrel වාතය සමඟ mix කර petrel /air mixture එකක් inlet manifold ය වෙත ලබා දීමයි.

Petrel Tank

මෙම කොටස මගින් රථයක petrel ගබඩාකර තබා ගැනීම සිදු වේ.මෙම tank එකද diesal tank එක මෙන්මය. diesal tank එකේ මෙන්ම මෙහිද කොටස් කිහිපයක් ඇත.Breather hose යනු ටැංකියට ඉන්ධන පුරවන විට එහි වාතය ඉවතට යාමට ඇති නළයයි.මෙම නළ මාර්ගය නොමැති ටැංකි වල වෙනමම කුඩා බටයක් ඇත.ටැංකිය පෙරලීමෙන් හෝ වෙනත් හේතු මගින් ඉන්ධන පිටතට යාම වැළැක්වීම සඳහා one-way valve එකක් යොදා ඇත.ටැංකියෙහි ඇති ඉන්ධන ප්‍රමාණය දැන ගැනීම සඳහා fuel gauge tank sensor ය ටැංකිය තුළ සවිකර ඇත.මෙහි ඇති strainer මගින් පළමු වර petrel filter කරයි.
මෙහි ඇති drain plug එක මගින් අවශ්‍ය  විටෙක ටැංකිය පිරිසිදු කිරීමටත් අවශ්‍ය විටෙක ටැංකිය හිස් කිරීමටත් හැකියාව ලැබේ.ඇතුලත ඇති petrel එන්ජිම වෙත රැගෙන යාමට main petrel line එකක් ඇත.මෙම petrel line එක ගමන් කරනුයේ petrel filter එක වෙතය.තවද වැඩිපුර ගත් petrel  return කිරීමට වෙනමම return line එකක් ඇත.මෙහි ඇති separators මගින් රථය ගමන්කිරීමේදි ඇති වන ගැස්මෙන් ටැංකිය තුළ petrel කැළතීම වළකාලයි.මෙම ටැංකි සාදනු ලබන්නේ led-tin ආලේපිත තහඩු වලිනි.

Petrel filter

Petrel tank එකෙන් petrel pump එකටත් එතැනින් Carburettor ය වෙතටත් Petrel ගමන් කරයි.එම අවස්ථාවේදී Petrel පිරිසිදුව තිබිය යුතුය.එසේ නොමැති වුවහොත් petrel pump එකෙහි valve හිරවීමටත් ඉඩ ඇත. මීට අමතරව Carburettor යේ ඇති jet වලද අවහිරතා ඇති වී ඒවා නිසි පරිදි ක්‍රියා නොකිරීමටත් ඉඩ ඇත.


මේ නිසා petrel pump එකට petrel ගලා යාමට පෙර petrel පිරිසිදු කිරීම සදහා filter යක් යොදා ගනී. ඣ මෙය තුළින් ගලායාමේදී එහි තුළ ඇති දැලකින් හෝ එවැනි වෙනත් වර්ගයේ පෙරනයකින් petrel පෙරී අපද්‍රවය රදවා ගනී.මෙහි රැදී ඇති අපද්‍රව්‍ය ගලවා පිරිසිදු කළ හැකිය.නවීන වාහන වල මෙම filter යනරක් වූ විට අළුතින් යෙදීම කරයි.මෙහිදී petrel ඇතුල්වන්නේ filter වටෙන්ය.අපද්‍රව්‍ය වටේට රදා පවතී . පිරිසිදු petrel මධ්‍යෙයහි ඇති අතර එම ස්ථානයට සම්බන්ධ line එකක් මගින් පිටතට පැමිණේ.

Petrel Pump

Petrel pump වර්ග දෙකකි.එනම්,


  •                 Mechanical pump

  •                Electric pump


Mechanical pump

මෙහි ප්‍රධාන අංගය වන්නේ pump එක තුල ඇති diaphragm එකයි. diaphragm එකේ මැද යටි පැත්තෙහි සවිකර ඇති rod එකක් rocker arm එකෙහි එක් කෙළවරකට සවිවේ. Rocker arm එකේ අනෙක් කෙළවර cam lob එකකට සම්බන්ධ වේ‍.Cam එක කැරකෙන විට ඒ සමඟම rocker arm එකද චලනය වේ. එවිට rod එක මගින් diaphragm එක ඉහළ පහළ ගමන් කරයි. diaphragm එකට ඉහළින් inlet හා outlet valve දෙකක් ඇත.Inlet valve එක මගින් petrel ඇතුල් වීමද outlet valve එක මගින් petrel පිටවීම සිදු වේ.

Cam එක කරකැවෙන විට rocker arm එක මගින් rod එක හරහා diaphragm එක පහළට අදින විට pump chamber එක තුළ veccum එකක් ඇති වී inlet valve එක විවෘත වී petrel chamber ය ඇතුලට පැමිණේ.තවදුරටත් cam එක කැරකෙන විට rocker arm එක cam lob එක තුළින් නිදහස් වීම නිසා diaphragm spring එක මගින් diaphragm එක ඉහළට චලනය කරවන විට chamber ය තුළ pressure එකක් ඇති වී inlet valve ය වැසී outlet valve ය විවෘත වී petrel එය හරහා Carburettor යට ගමන් කරයි.මෙම ක්‍රියාවලිය නැවත නැවත සිදුවෙමින් petrel pump කිරීම සිදු වේ. Carburettor යට අවශ්‍ය තරම් petrel පැමිණි විට Carburettor ඇති needle valve යක් මගින් petrel line එක වසා දමයි.petrel chamber එක පිරී ගිය විට petrel ඉවතට නොයන නිසා diaphragm එකට ඉහළට චලනය වීමට නොහැකි නිසා එය හිර වී rocker arm එක නවතී.මෙය නැවත ක්‍රියාකාරී වන්නේ Carburettor යේ needle valve ය විවෘත වූ විටය.

Charcoal Canister


Petrel tank එකෙහි ඇති petrel වාෂ්ප වී පීඩනය වැඩි වී tank එකට හානි වීම වැළැක්වීමට මෙම charcoal canister කොටස යොදා ඇත. Charcoal canister line හරහා condense tank එකට ගමන් කරන petrel වාතය නැවත ද්‍රව වුවහොත් ප්‍රධාන petrel tank එකට ගමන් කරයි. නැතහොත් condense tank එක මගින් යොදා ඇති line මගින් check valve ය හරහා Charcoal canister යට ගමන් කරයි.මෙහිදී petrel වාෂ්පයේ ඇති හයිඩ්‍රොකාබන් රඳවාගෙන ඉතිරිය පිටතට ලබා දේ.මෙහි check valve ය විවෘත වන්නේ 5bar² පමණ පීඩනය වූ විටය.

Comments

Popular posts from this blog

Battery

Manual Gear Box