Manual Gear Box



Manual Gear Box
වාහන Engine කින් ඉහළ ක්ෂමතාවක් නිපදවුවද එයින් ඇති වන ව්‍යාවර්ථය අඩුය. එහෙයින් Engine මෙන් කෙළින්ම වාහනයේ රෝදවලට කැරකුම් බලය සම්බන්ධ කළහොත් Engine ව්‍යාවර්ථය  වාහනය ධාවනය කර වීමට අවශ්‍ය බලය, රෝදවල ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොමැත. ඒනිසා වාහනය ධාවනය වන තත්ත්වය අනුව අඩු වේගවල දී වැඩි ව්‍යාවර්ථයක් හෝ වැඩිවේගවල දී අඩු ව්‍යාවර්ථයක් ලබා දීමට හැකි වන පරිදි මෙම Gear Box නිර්මාණය කර ඇත.
Gear Box වල භාවිත වන ප්‍රධාන Gear Wheel වර්ග 2ක් පවතී. එනම්,

1.              Spur Gear
2.              Helical Gear

Spur Gear






Spur Gear වල දැති සකස් කර ඇත්තේ Gear යේ මුහුණතට ලම්බකවය. Spur Gear සරලය. නිෂ්පාදන වියදම අඩුය. එමෙන්ම Spur Gear 2ක් පහසුවෙන් සම්බන්ධ කිරීමේ හා විසන්ධි කිරීමේ හැකියාවක් පවතී. එහෙත් Spur Gear 2ක් සම්බන්ධ කර ඇති විට එක්වරකදි සම්බන්ධය ඇති දැතිවල වර්ගඵලය අඩු බැවින් සම්ප්‍රේෂණය කළ හැකි යාන්ත්‍රික ශක්තිය අඩු වීම මෙහි ඇති දුර්වලතාවයි. එමෙන්ම මෙම Gear wheel සම්බන්ධ කීරීමේදී ඇති වන ශබ්දයන් වැඩිය.

Helical Gear








Helical Gear වල දැති Gear යේ මුහුණතට ආනතව පිහිටා ඇත. නවීන මෝටර්රථ වල Gear Box වල මෙම Gears බොහෝ විට භාවිතයට ගනී. Helical Gear 2ක් සම්බන්ධ කර ඇති විට, දැති අතර ස්පර්ශ වී ඇති වර්ගඵලය වැඩි අතර එමගින් සම්ප්‍රේෂණය කළහැකි යාන්ත්‍රික ශක්තිය වැඩිය. එමෙන්ම Gear wheel සම්බන්ධ කීරීමේදී ඇති වන ශබ්දය අඩුය. මෙහි ඇති දුර්වලතාව වන්නේ මෙම Gear wheel රූටවා සම්බන්ධකිරීම හා විසන්ධි කිරීම අපහසු ය.


Manual Gear Box වර්ග,

1.              Sliding-Mesh Gear Box
2.              Constant-Mesh Gear Box
3.              Synchromesh Gear Box


Sliding Mesh Gear Box








Gear Box අතර සරලතම වර්ගය මෙම  වර්ගයේ Gear Box වේ. මෙහි දී Gear Ratio ලබාගැනීමට Gear Wheel, Shaft දිගේ රූටවයි. මෙහි ඇති ප්‍රධාන කොටස් 03කි. එනම්
1.              Top Shaft
2.              Counter Shaft
3.              Main Shaft

Top Shaft
Clutch හා Gear Box සමඟ සම්බන්ධව පවතී. මෙම Shaft, Top Gear සමඟ ස්ථාවරව සම්බන්ධ කර ඇත.මෙම Shaft ය සමඟ සවි කොටඇති Counter Shaft හි Gear wheel ය සමඟ නිරන්තරයෙන් සම්බන්ධවී ඇත.

Counter Shaft
Top Gear wheel යෙන් Counter Shaft ය කරකවයි. මෙම Counter Shaft යෙහි Gear Wheel අචලව ස්ථාවරව එකම පොකුරක් ලෙස නිමවා ඇත.
Main Shaft
Gear Box එකෙන් පිටතට ලැබෙන කැරකුම් බලය රෝදවලට ගෙන යන මෙම දණ්ඩ මගිනි. මෙය Propeller Shaft යට සම්බන්ධවේ. Splines කපාඇති Main Shaft, Gear wheel කීපයක් ඒ මත එහා මෙහා කළ හැකි ලෙස යොදා ඇත. Main Shaft යේ ඇති Gear wheel Counter Shaft යේඇති Gear wheel යත් සමඟ සම්බන්ධකර වුවහොත් Main Shaft කැරකෙමින් කැරකුම් බලය Propeller Shaft ය වෙත ලබාදේ.

Constant Mesh Gear Box









Sliding Mesh Gear Box එකෙහි ඇති අවාසි මඟ හරවා නිර්මාණය කර ඇත. මෙහි දී Gears සියල්ලම නියතව සම්බන්ධ කර ඇති අතර අවශ්‍ය Gear Ratio එක ලබා ගැනීම සඳහා Gear සම්බන්ධ කරනුයේ Dog Clutches ආධාරයෙනි. මෙම Gear Box සඳහා Helical Gears භාවිතා කරයි. මෙම Gear wheel, Main Shaft යට සම්බන්ධ කරඇත්තේ Needle Bearing මත හෝ Main Shaft යේ Splines මතය.

Hub
Hub එක Main Shaft එකෙහි Splines වලට ඇතුළතින් සම්බන්ධකොට ඇත. සමහර අවස්ථාවල දී Hub එක භාවිතා නොකර Sliding Sleeve එකම යොදා ගනියි.

Sliding Sleeve
Sliding Sleeve එක Hub එකෙහි පිටත දාර මත එහාමෙහා රූටන ලෙස සකස් කොට තිබේ. නැත්නම් Sliding Sleeve එකෙහි ඇතුළතින් දාර යොදා Main Shaft එකෙහි එහා මෙහා රූටන ලෙස නිර්මාණය කර ඇත. මෙම Sliding Sleeve එකෙහි දෙපැත්තේහෝ එක පැත්තක හෝ ඇතුළතින් Internal Dog Teeth නම් දැති විශේෂයක් වේ. ඒවා යොදාගනු ලබන්නේ Gear එකක් Select කර ගැනීම සඳහා ය.


Synchromesh Gear Box
Mitsubishi Canter රථයේ ඇත්තේ මෙම වර්ගයේ Gear Box එකකි. මෙම වර්ගයේ Gear Box බොහෝ සෙයින් Constant Mesh Gear Box යට සමානය. එහෙත් මෙහි දී, Dog Clutch යන් වෙනුවට ඇත්තේ Synchronizer Unit නමින් හැඳින්වෙන Unit එකකි. මෙම ඒකකයෙන් කෙරෙන්නේ, සම්බන්ධ කළයුතු Gear wheel ය හා Synchronizer Unit එකෙහි වේග දෙක සමාන කර සුමටව සම්බන්ධ කිරීමයි. Gear wheel සියල්ලමNeedle Bearing මත රඳවා ඇත. එම Gear wheel වල පිටත හෝ ඇතුළත Cone Surface එකකි. එම Cone Surface එකෙහි කුඩා දැති වටේටම ඇත. එහි මුදුන් කෙලින් Tapper හැඩයට දැති සාදා ඇත.ඒවා Dog Gear Teeth වේ. ඒවා ඇත්තේ, Gear එකක් Change කිරීමට Lever එකෙන් එහාමෙහා ගමන් කරවිය හැකි Synchronizer Sleeve එකෙහි ඇති Internal Teeth හා සම්බන්ධ කර වීමයි. එසේ එක් කිරීමෙන් පහසුවෙන් හා ශබ්දයකින් තොරව Gear Change කළ හැකිය.

Synchronizer Unit







Synchronizer Cone 
මෙම Synchronizer Cone එක වටා කුඩා දැති පිහිටා තිබේ.එහි ද Tapper කෝණික හැඩයක් වේ. එහි ඇති කෝණික මතුතලයෙහි කාණු කිහිපයක් ඇත. මෙම කාණු වලට Hub එකෙහිඇති Synchronizer Key Spring එක Unit එකක් ලෙස සම්බන්ධ වී පවතී. මෙම Synchronizer Cone එක වාහනය ධාවනය වන අවස්ථාවේ දී එකම ඒකකයක් ලෙස කැරකෙමින් පවතී.

Hub
Hub එකෙහි බාහිරින්යෙදු දැති External Splines වේ. Synchronizer Key Ring Spring, External Splines අතර ඇති කාණු තුල යොදවා ඇත. එසේ Synchronizer key කීපයක් යොදා Hub එක Synchronizer Cone එකේ කාණු කීපය සමඟ සම්බන්ධ කොට ඇත්තේ එක් Unit එකක් වශයෙනි. Hub එක ඇතුළතින් රඳවා ඇත්තේ Main Shaft එකටය. වාහනය ධාවනය වන අවස්ථාවේ දී කැරකුම් බලය Main Shaft යට ලැබේ. Main Shaft එක කරකැවී එම අවස්ථාවේ දීම මෙම Hub Unit එකද කරකැවේ.

Synchronizer Sleeve 

මෙම Synchronizer Sleeve එකෙහි ඇතුළතින්, මැද Annular Groove එකක් ද ඊට දෙපසින් Internal Teeth ද නිර්මාණය කර ඇත.මෙම Synchronizer Sleeve එක Hub Unit එක වටා එහා මෙහා රූට විය හැකි පරිදි Gear Lever හා සම්බන්ධ කර ඇත. එලෙසින්ම ඉහතකී Hub Unit එකේ ඇති Synchronizer Key Spring නමැති Lock එකද මෙම Synchronizer Sleeve එකෙහි මැද ඇති Annular Groove වලට සිර කොට ඇත. ඉහතකී Synchronizer Cone, Hub, Synchronizer Sleeve යනඋපාංග වාහනය ධාවනය වනඅවස්ථාවේ දී Main Shaft එකෙහි එකම ඒකකයක් ලෙස කරකැවේ.

Baulk Ring

මෙහි දී Hub එක ස්ථාවර ව Main Shaft එකෙහි තිබේ. Hub එක වටා පිටතින් Synchronizer Sleeve එක යොදා ඇත. Synchronizer Sleeve එක එහාමෙහා කළහැකි පරිදි රියදුරු වෙතට ලීවරයක් සමීපකර ඇත. රියදුරු Gear යෙදීමේ දී Synchronizer Sleeve එක තල්ලුවී Hub Unit එකෙහි ඇති Synchronizer Key Ring Spring කීපය Synchronizer Cone එක තල්ලු වීම නිසා මෙම Synchronizer Cone, Gear wheel යේ ඇති Cone Surface එකට සම්බන්ධ වේ. මෙම Synchronizer Cone එක සම්බන්ධ Hub ඒකකයේ වේගයට Gear Wheel යේ ඇති Cone Surface එකට සම්බන්ධ වීමට නම්, නවතා ඇති Wheel යට කරකැවෙන ඒකකය සම්බන්ධ කිරීමේ පහසුවට මෙම Synchronizer Cone ඒකකය නැත්නම් මෙම Baulk Ring එක යොදා තිබේ.මෙම Synchronizer Cone Unit එක Gear Wheel යේ Cone Surface තුළට වැටීමෙන් Gear Wheel Main Shaft එකෙහි කැරකුම ගෙන යයි. 


Gear Selector Mechanism

වාහනවල Gear lever පිහිටු වන ආකාරයන් 2 කි. එනම්,

1.              Floor Board Type
2.              Steering Column Type
                                                                         

1.              මෙම Gear Selector Mechanism එකෙහි පහත කරුණු විශේෂයෙන්ම අඩංගු විය යුතු ය.

1.              රියදුරාට පහසුවෙන් අවශ්‍ය Gear එක Select කර ගැනීමට හැකියාවක් තිබිය යුතු ය.

2.              Gear එකක් Select වූ පසු එය රියදුරාගේ අභිමතය පරිදි ස්ථාවරව පවත්වා ගත හැකි විය යුතු ය.

3.              Gear 2ක් එකවර Select නොවීම සිදු විය යුතු ය.

Gear Box Lubrication
                                                                         
Gear Box එක තුල ඇති Gear wheel, bearing හා අනෙකුත් චලනය වන කොටස් ඝර්ෂණයෙන් හා ගෙවීමෙන් වළක්වා ගත යුතු ය. මෙය කරණුයේ නියමිත Lubrication Oil එක නියමිත අගයට පිරවීමෙනි. Gear Box එකෙහි Oil Level එක 5000 km කට වරක් පරීක්ෂා කල යුතු ය. අඩු වීමක් ඇත්නම් එයට හේතුව සොයා අලුත්වැඩියා කළ යුතු ය.
1.              සෑම 40,000 km වතාවක් Oil Change කළ යුතු ය.

Gear Box Repairing

1.              Gear Box එක වාහනයෙන් ගැලවීමට ප්‍රථමයෙන් Battery හි negative wire එක ගැලවීම කළයුතු ය.

2.              අනතුරුව Gear Box හි Oil ඉවත් කළ යුතු ය.

3.              Gear Box එක ගැලවීමට ප්‍රථම Engine ම අඩ /කොට තබා Balance කරගත යුතු ය.

4.              Gear Box එක ගලවාගත් පසු එහි බාහිර පිරිසිදු කර යුතු ය.

5.              Nut & Bolt ගලවා රබර් මිටියක් භාවිත කර Gear Box එක කොටස් වලට ගලවා ගත යුතුය.
6.              Circlips, Snap Ring ගැලවීමට Circlip Pliers එක යොදා ගත යුතුය.

7.              අනතුරුව කොටස් පිරිසිදු කරගන්න.

8.              සියලුම Gear Wheel වල දැති පරීක්ෂා කරන්න. ඒවාට හානියක් වී ඇත්නම් අලුතින් Gear Wheel යෙදිය යුතු ය.

9.              සියලුම Oil Seal අලුතින් යෙදිය යුතු ය.

10.          Oil Seal ගැලවීමට Screw එකක් භාවිත කරන්න.

11.          Ball Bearing පිරිසිදු කර වාතයෙන් වියළා තත්ත්වය පරීක්ෂාකර ඒවා දෝෂ සහිත නම් අලුතින් යොදන්න.

12.         
Synchromesh Unit කොටස් වල තත්ත්වය පරීක්ෂාකර ඒවා දෝෂ සහිත නම් අලුතින් කොටස් යොදන්න.

13.          Gear Box Shaft වලගෙවීම් Dial Gauge එක ආධාරයෙන් පරීක්ෂා කරන්න.

14.          Gear Wheel වල Clearance එක Feeler Gauge ආධාරයෙන් මැන ගෙවී ඇත්නම් අලුතින් යෙදිය යුතු ය.

15.          Gear Selector වල කොටස් පරීක්ෂාකර ගෙවී ඇද්ද යන්න පරීක්ෂා කරන්න.

16.          සියලුම Gaskets අලුතින් යෙදිය යුතු ය.

17.          කොටස් එකලස් කර අලුතින් Oil යොදන්න.

18.          නිෂ්පාදකයාගේ දත්ත වලට අනුව Torque wrench එකක් ආධාරයෙන් ඇණ  සවිකරන්න.

19.          අනතුරුව Gear Box එක වාහනයට සවි කරන්න.

20.          Gear lever එකෙන් Gear යොදා නිවැරදි ලෙස Gear Selector වන්නේද යන්න පරීක්ෂා කරන්න.

Comments

Popular posts from this blog

Battery

Carburettor